චීනයේ “ ජූලි මස 7වැනි දා සිද්ධියෙහි ” 89වන සංවත්සරය සැමරේ

චීනයේ “ ජූලි මස 7වැනි දා සිද්ධියෙහි ” 89වන සංවත්සරය සැමරේ

1937 වසරේ ජූලි මස 7වැනි දා ජපන් හමුදා චීනයේ බෙයිජිං හි මාර්කෝ පෝලෝ පාලම අසලදී එහි රැඳී සිටි චීන හමුදා භටයන්ට හදිසි ප්‍රහාරයක් එල්ල කළහ. එම ප්‍රහාරයට චීන හමුදා භටයන් දැඩි ප්‍රතිප්‍රහාරයක් ද එල්ල කර තිබිණ. සියලු තරාතිරම්වල චීන ජාතිකයන් ජපන් ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සනිටුහන් කළේ මෙම සිද්ධියෙනි. මෙම සටනේ ජයග්‍රහණය සඳහා චීන හමුදා භටයෝ හා සාමාන්‍ය ජනතාව මිලියන 3.5ක පමණ පිරිසක් දිවි පිදූහ.

07 වැනිදාට යෙදී ඇති  “ ජූලි මස 7වැනි දා සිද්ධියෙහි ” 89වන සංවත්සරය වෙනුවෙන් චීනයේ විවිධ ප්‍රදේශයන්හි අනුස්මරණ ක්‍රියාකාරකම් පැවැත්විණ. පාසැල් සිසුන්, ජපන් ආක්‍රමණයට එරෙහි ව සටන් කිරීමේ විප්ලවීය ස්ථානවලට ‍ගොස් එහිදී එම ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ අයුරු ඇතැම් ප්‍ර‍දේශවලදී දක්නට ලැබිණ. ඇතැම් ප්‍රදේශයන්හි දෙවන ලෝක යුද්ධයේ අවසානය සැමරීමේ අනුස්මරණ භූමියේදී ජනතාව හා පාසැල් සිසුන් පොදුවේ අනුස්මරණ උත්සව සඳහා එක් වෙමින් මොහොතක් නිශ්ශබ්දතාවයකින් සිටි අතර වීරයන්ගේ අනුස්මරණ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වූහ. එසේම  “ ජූලි මස 7වැනි දා සිද්ධිය” සිහි කරමින් ඇතැම් ප්‍රදේශවාසීන් අදාළ කෞතුකාගාර හා අනුස්මරණ ශාලා වෙත ගොස් දේශප්‍රේමීය අධ්‍යාපනයක් ලබාගෙන ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *