කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ ගෝලීය පාලනය සඳහා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක් අවශ්‍ය බව චීනය පෙන්වා දෙයි

කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ ගෝලීය පාලනය සඳහා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක් අවශ්‍ය බව චීනය පෙන්වා දෙයි

ජිනීවා පදනම් කරගත් “ගෝලීය පාලනය පිළිබඳ මිතුරු කණ්ඩායම” පසුගිය 7වැනිදා ජිනීවා ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී “පුළුල් සහභාගීත්වයෙන් යුත් කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම” යන මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීය.

චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය Li Lecheng මහතා එහිදී කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ සංවර්ධනයේදී චීනය ලද ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කළේය. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ ගෝලීය පාලනය සඳහා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක් අවශ්‍ය බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Jia Guide මහතා එහිදී පැවසුවේ පුළුල් සහභාගීත්වයෙන් යුතුව කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ සංවර්ධනය ළඟා කර ගැනීමේ යතුර ජනතා කේන්ද්‍රීයභාවය, විවෘත සහයෝගීතාවය සහ බහුපාර්ශ්විකත්වයට අනුගත වීම බවය.

කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය ඵලදායී, ආරක්ෂිත සහ සාධාරණ දිශානතියකින් ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.

ජිබුටි, තායිලන්තය සහ බෙලරුස් වැනි “ගෝලීය පාලනය පිළිබඳ මිතුරු කණ්ඩායමේ” සාමාජික රටවල අමාත්‍යවරුන් හෝ ස්ථිර නියෝජිතයින් මෙන්ම ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය වැනි රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල නිලධාරීන් ඇතුළුව 200 කට අධික පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

“ගෝලීය පාලනය පිළිබඳ මිතුරු කණ්ඩායම” යනු චීනයේ ‍යෝජනාව මත පිහිටුවන ලද අදහස් හුවමාරු වේදිකාවක් වන අතර, ඒ සඳහා ආරම්භක සාමාජික රටවල් 43 ක් සහභාගී වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *