එක්සත් ජාතීන්ගේ ගෝලීය සයිබර් ආරක්ෂණය පිළිබඳ ස්ථිර යාන්ත්‍රණයේ පළමු රැස්වීම ජූලි මස 20වනදා සිට 24වනදා දක්වා New York නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වේ. එහිදී චීන නියෝජිත පිරිස “ඩිජිටල් සහ බුද්ධිමය යුගයේ ගෝලීය සයිබර් පාලනය පිළිබඳ චීනයේ ස්ථාවර ප්‍රකාශය” ඉදිරිපත් කර ඇත. ඩිජිටල් ස්වෛරීභාව මූලධර්මය සම්බන්ධ ව ද එහි සඳහන් ව ඇත. එය ගෝලීය පාලන මුලපිරුම ක්‍රියාත්මක කිරීමට සහ පොදු ඉරණමක් සහිත සයිබර් අවකාශයේ ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන චීනයේ නවතම පියවරකි.
සියලුම රටවල් සයිබර් අවකාශය තුළ ද එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අනුගත විය යුතු අතර ඩිජිටල් ස්වෛරීභාවයට ගරු කරමින් ඩිජිටල් සහ බුද්ධිමය තාක්ෂණ සංවර්ධනය කිරීම සඳහා ස්වාධීනව සිය මාර්ග තෝරා ගත යුතුය. එමෙන්ම බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කළ යුතු බවත්, තාක්ෂණික අවදානම් විසඳා ගත යුතු බවත්, සයිබර් අවකාශය සඳහා වන ජාත්‍යන්තර නීති වැඩිදියුණු කළ යුතු බවත් චීනය එම ප්‍රකාශයෙන් අවධාරණය කරයි.
