චීන-ASEAN සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම්– චීන විදේශ ඇමති

චීන-ASEAN සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම්– චීන විදේශ ඇමති

කලාපීය ස්ථාවරත්වයේ වඩාත් වැදගත් ම නැංගුරම වන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය(ASEAN)  සමග සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.  ASEAN හි මහලේකම් Kao Kim Hourn මහතා සමග පැවති හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

සියලු රටවල සමානාත්මතාවය චීනය සැමවිටම පිළිපදින අතර අසල්වැසි රටවල් සමග මිත්‍රශීලී සහ යහපත් අසල්වැසි ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යන බව Wang Yi මහතා එහිදී පැවසීය. මෙම වසරට අග්නිදිග ආසියාවේ මිත්‍රත්ව හා සහයෝගිතා ගිවිසුම(TAC) අත්සන් කිරීමේ 50 වන සංවත්සරය යෙදී ඇත. චීනය එම ගිවිසුමට එක් වූ පළමු ප්‍රධාන රට‍ ලෙස ඉදිරියටත් කලාපීය වශයෙන් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමටත්, සමගිය සහ ස්වයං විශ්වාසය වැඩි දියුණු කිරීමටත් උපරිම සහාය ලබා දෙනු ඇත.

එමෙන්ම චීන-ASEAN පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 5 වන සංවත්සරය සමරන මෙම සුවිශේෂ වසරේ ගෝලීය අස්ථාවරත්වයන් හමුවේ වුව ද කලාපීය සමෘද්ධිය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමට කලාපය සමත් වූ බව Wang Yi මහතා සඳහන් කළේය. අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය සහ සහයෝගය වර්ධනය කරමින් ASEAN හි මෙන්ම ගෝලීය දකුණේ රටවල පොදු අවශ්‍යතා සුරැකීමටත්, වඩාත් සාධාරණත්වයෙන් යුත් ගෝලීය පටිපාටිය ප්‍රවර්ධනය කිරීමටත් චීනය ASEAN සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ඔහු පැවසීය.

මේ අතර Kao Kim Hourn මහතා ASEAN-චීන ද්විපාර්ශ්වික සබඳතාව තුළින් ලබා ගත් ප්‍රතිඵල ඉහළින් අගය කළේය. එමෙන්ම කලාපීය ව්‍යුහය තුළ ASEAN හි කේන්ද්‍රීයත්වය වෙනුවෙන් චීනය ලබා දෙන ස්ථිර සහාය වෙත ස්තූතිය ද පළ කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *