ප්‍රහාර නවත්වන්නේ නැති නම් හෝමූස් මුහුදු තීරයෙන් තෙල් බිඳ­ක්වත් ගෙනයාමට ඉඩ නොදනෙ බව ඉරානය කියයි

ප්‍රහාර නවත්වන්නේ නැති නම් හෝමූස් මුහුදු තීරයෙන් තෙල් බිඳ­ක්වත් ගෙනයාමට ඉඩ නොදනෙ බව ඉරානය කියයි

අන­තුරු ඇඟ­වීම් නොතකා හෝමූස් සමුද්‍ර සන්ධිය තර­ණය කිරී­මට උත්සාහ කළ තෙල් ප්‍රවා­හන නෞකා තුනක් පිපි­රී­මට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඉන් නෞකා දෙකක් පෙරේදා (19) රාත්‍රි­යේදී පිපි­රී­මට ලක්වී ඇති අතර, තවත් නෞකා­වක් ඊයේ(20) ප්‍රහා­ර­ය­කට ලක්වී­මෙන් ගිනි­ගත් බව බ්‍රිතාන්‍ය සමු­ද්‍රීය වෙළෙඳ මෙහෙ­යුම් සංවි­ධා­නය ප්‍රකාශ කර ඇත. ඕමා­නයේ කුම්සාර් නග­ර­යට වයඹ දෙසින් නාවික සැත­පුම් 8ක් දුරින් යාත්‍රා කර­මින් සිටි­යදී ප්‍රහා­ර­යට ලක්වී­මෙන් නෞකාව ගිනි­බත් වී ඇති අතර, එහි කාර්ය මණ්ඩ­ලය නෞකාව හැර ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටී. පසුව ආර­ක්ෂක බෝට්ටු­ව­කින් ඔවුන් බේරා­ගෙන ඇතැයි ද සඳහන්ය.

මේ අතර නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඉරාන ආර­ක්ෂක හමු­දාව ප්‍රකාශ කර ඇත්තේ අමෙ­රි­කාවේ බල කිරීම යටතේ උපා­ය­මා­ර්ගි­කව හෝමූස් මුහුදු තීරය හරහා යාත්‍රා කිරී­මට උත්සාහ ගැනී­මේදී එම තෙල් ප්‍රවා­හන නෞකා ප්‍රහා­ර­යට ලක්වූ බවය. ඉරා­න­යට එල්ල වන අමෙ­රි­කානු ප්‍රහාර නව­ති­න­තුරු හෝමූස් මුහුදු තීරය හරහා තෙල් බිඳ­ක්වත් ප්‍රවා­හ­නය කිරි­මට ඉඩ නොදෙන බවට ඉරාන ආර­ක්ෂක හමු­දාව අන­තුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *