ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

තවත් අරමුදල් අවශ්‍යයි – ඇමරිකානු ආරක්ෂක ලේකම්

ඉරානයට එරෙහි ඇමරිකානු යුද්ධය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 37.5ක් වැය වූ බවත් ඉදිරි ගැටුම් සඳහා ට්‍රම්ප් පාලනය අරමුදල් සොයමින් සිටින බවත් ඇමරිකානු ආරක්ෂක ලේකම් Pete Hegseth පෙන්ටගනයේ නවතම ඇස්තමේන්තු උපුටා දක්වමින් පවසයි.

රිපබ්ලිකන් නීති සම්පාදකයින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජිත ඇ.ඩො බිලියන 1.5ක ආරක්ෂක අයවැය සඳහා කොංග්‍රස් අනුමැතිය ඉල්ලා සිටි අවස්ථාවේ හෙතෙම ඊයේ(21) මේ බව ප්‍රකාශ කර ඇත.

මෙම වියදම මැයි මාසයේ ගණන් බැලූ අවසන් ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 8කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.

ඉරානය සමග යුද්ධය සඳහා මෙම අතිරේක අරමුදල් “හදිසි අවශ්‍යතාවයක්” බවත් එසේ නොමැතිවීමෙන් තීරණාත්මක අඩුපාඩුවලට මුහුණ දීමට සිදුව ඇති බවත් ඔහු සෙනෙට් සභා අයවැය විභාගයකදී සාක්ෂි දෙමින් තරයේ කියා සිටියේය.

ජුනි මාසයේ දී ධවල මන්දිර කළමනාකරණ කාර්යාල සහ අයවැය අධ්‍යක්ෂ Russell Vought නීති සම්පාදකයින්ට පැවසුවේ ඉරානය සමග යුද්ධයෙන් ඇමරිකානු බදු ගෙවන්නන්ට ඩොලර් බිලියන 30ක් පමණ වැය වූ බවයි.

මෙම මුදල් නොලැබුණහොත් හමුදා පුහුණු වැඩසටහන් කපා හැරීමටත්, යුද උපකරණ හා ආයුධ සැපයුමට බාධා එල්ලවිය හැකි බවටද Pete Hegseth අනතුරු ඇඟවා තිබේ.

කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රීවරු මෙම අරමුදල් ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ අතර, සෙනෙට් විභාගය අතරතුර යුද විරෝධී ක්‍රියාකාරීන්ද විරෝධතා දක්වා ඇත.

ඉරානය සමග මෑත කාලීන සටන්වලින් ඇමරිකානු හමුදාවන්ට සිදු වූ අනතුරු හෙළි කිරීම පෙන්ටගනය ප්‍රමාද කළ බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ද Pete Hegseth ට චෝදනා එල්ල වී තිබේ. පෙන්ටගනය පවසන පරිදි ජූලි 7 වනදා සිට ඇමරිකානු සොල්දාදුවන් 100කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *