චීන විදේශ වෙළඳාම ගෙවුණු මාස 05 තුළ අඛණ්ව ඉහළට

චීන විදේශ වෙළඳාම ගෙවුණු මාස 05 තුළ අඛණ්ව ඉහළට

මෙම වසරේ මුල් මාස 05 තුළ චීනයේ සමස්ත භාණ්ඩ ආනයන හා අපනයන ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 20.6 8ක් බව චීන රේගු මහ පරිපාලනයේ වාර්තා පෙන්වා දෙයි.

අද (09) දිනයේ නිකුත් කළ එම නිල දත්තවල දැක්වෙන්නේ, එම ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 15.3%ක ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

එය මෙම වසරේ ජනවාරි මස සිට මැයි මාසය දක්වා ගෙවුණු මාස 05 තුළ අඛණ්ඩව ඉහළ යාමක් බව ද එම රේගු වාර්තාවල දැක්වේ.

මෙම වසරේ සිට ජනපති ෂී ජින්පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රික මඟපෙන්වීම යටතේ චීනය ගෝලීය ආර්ථික හා වෙළඳ හවුල්කරුවන් සමඟ ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කරමින් ජගත් ආර්ථික හා වෙළඳ සංවර්ධනයට ධනාත්මක හා ස්ථාවර ගාමක බලයක් ලබා දී තිබෙන බව චීන රේගු මහ පරිපාලනයේ නිලධාරියෙක් පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *