චීන කෘත්‍රිම බුද්ධි සමාගම් විමර්ශනය කර සම්බාධක පැනවීමේ ඇමරිකාවේ ප්‍රකාශය පිළිබඳව චීන වාණිජ අමාත්‍යාංශය චීනයේ ප්‍රතිචාරය දක්වයි.
විද්‍යා තාක්ෂණ හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය කිරීමේ ඇමරිකාවේ ක්‍රියාවන්ට චීනය සැම විටම විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා මාධ්‍ය හමුවකදී අදාළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය. චීන සමාගම්වල AI ආකෘති සහ ඇමරිකාවේ ආකෘති එළි දැක්වීමේ දිනයන් ආසන්නව පවතින අතර, ඇතැම් චීන ආකෘති මේ වන විට ඇමරිකානු ආකෘති අභිබවා ඉදිරියෙන් සිටී. කෙසේ වෙතත් ඇමරිකාව එම සත්‍ය නොසලකා චීන සමාගම් ඊනියා “ඇමරිකානු බුද්ධිමය දේපළ සොරකම් කරන” බවට චෝදනා කර සම්බාධක පනවන බව පවසමින් තර්ජනය කරයි. එම ක්‍රියාවට සත්‍ය පදනමක් නොමැති අතර එය AI ක්ෂේත්‍රය පිළිබඳ ආධිපත්‍යමය ක්‍රියාවක් බව ඔහු පෙන්වා දුන්නේය.
චීන සමාගම්වලට එරෙහිව අපකීර්තිය සහ සම්බාධක තර්ජන නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. චීනයේ අවශ්‍යතාවලට හානි කරන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව චීනය අවශ්‍ය සියලු පියවර ගනු ඇතැයි ඔහු සඳහන් කළේය.
