චීන-බ්‍රසීල ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන-බ්‍රසීල ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙයි. එම සංවාදය අද (27) පෙරවරුවේ පැවැත්විණ.

මෑත වසර කිහිපය තුළ පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල ප්‍රජාව ගොඩනැගීමේදී සහ දෙරට අතර උපායමාර්ගික සන්නිවේදනයේදී සැලකිය යුතු සංවර්ධනයක් අත්පත් කරගත් බව ‍ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105 වැනි සංවත්සරය සහ චීනයේ 15 වැනි පස් අවුරුදු සැලැස්මේ ආරම්භක වර්ෂය මෙම වසරේ සනිටුහන් කෙරෙන අතර, බ්‍රසීලයේ ද වැදගත් දේශීය දේශපාලන න්‍යායපත්‍රයක් මෙම වසර තුළ ක්‍රියාත්මක වනු ඇත. මෙම සුවිශේෂ කාලයේ බ්‍රසීලය සමග ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික උපායමාර්ගික සහයෝගිතාව ශක්තිමත් කරමින් පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීන‍ය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.

ගෝලීය දකුණේ වැදගත් සාමාජිකයන් ලෙස දෙරට ස්ථිර ලෙස ඉතිහාසයේ හා ශිෂ්ටචාරයේ නිවැරදි දිශාවේ සිටිය යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය ක‍ළේය. මේ අතර, පුළුල් වන බ්‍රික්ස් සංවිධානයේ උසස් තත්ත්වයේ බහුපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දෙරට ඒකාබද්ධව දායක විය යුතු බව හෙතෙම පැවසීය. එමෙන්ම සිය ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට චීනය බ්‍රසීලයට දැඩිව සහාය වන බව ෂී ජින්පිං මහතා කියා සිටියේය.

චීනය සමග බහුපාර්ශ්වික සන්නිවේදනය ශක්තිමත් කරමින් ගෝලීය සාධාරණත්වය, සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට බ්‍රසීලය අපේක්ෂා කරන බව ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා එම දුරකථන සංවාදයේදී සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *