චීනයට එරෙහිව ඇමරිකාව සහ යුරෝපා සංගමයේ අසාධාරණ පියවරයන්ට අදාළව චීන වාණිජ අමාත්‍යාංශය චීනයේ ස්ථාවරය පැහැදිලි කරයි.
නිෂ්පාදන ධාරිතාව පිළිබඳ ඇමරිකාව සිදු කළ “301 විමර්ශනය”සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රතිපත්ති පර්යේෂණ කාර්යාලයේ අධ්‍යක්ෂ Lin Weilong මහතා අද (28) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ රටක දේශීය ඉල්ලුම ඉක්මවා යන නිෂ්පාදන ධාරිතාව “අධික ධාරිතාව” ලෙස අර්ථ දැක්විය නොහැකි බවය. එමෙන්ම ඊනියා “301 විමර්ශනය”හරහා, වෙළඳ හවුල්කරුවෙකුට “අධික ධාරිතාවක්” තිබේද යන්න ඒකපාර්ශ්විකව තීරණය කිරීමට සහ ඊට අදාළ සීමාකාරී පියවර ගැනීමට ඇමරිකාවට අයිතියක් නොමැත. ඒ කෙරෙහි අවශ්‍ය පියවර ගැනීමට හිමිකම ඇත්තේ චීනයට බව ඔහු අවධාරණය කළේය.
චීනයට එරෙහිව යුරෝපා සංගමය මෑතකදී ගෙන ඇති ආරක්ෂණවාදී පියවර මාලාව සම්බන්ධයෙන් ද Lin Weilong මහතා එහිදී චීනයේ ප්‍රතිචාරය දක්වා ඇත. චීන සමාගම්, යුරෝපා සංගමය සමඟ පවතින සහයෝගිතාවයේ විශ්වාසයට ඉන් දැඩිව හානි කෙරෙන බව ඔහු පැවසීය. යුරෝපා සංගමය සමග සංවාදය හරහා අදාළ මත භේද හා ගැටලු නිසි ලෙස හසුරුවා ගැනීමට චීනය අපේක්ෂා කරන බව ඔහු කියා සිටියේය.
