චීන වාණිජ අමාත්‍යාංශය “ඊනියා ‘අධික නිෂ්පාදන අතිරික්තයේ’ ගැටලුව පිළිබඳ චීනයේ ස්ථාවරය” යන මාතෘකාවෙන් යුතු ලේඛනයක් නිකුත් කරයි.
අද(28) නිකුත් කෙරුණු ලේඛනයට අනුව, පුළුල්, විෂය මූලික සහ අපක්ෂපාතී ආකල්පයක සිට, නිෂ්පාදන ධාරිතාව පිළිබඳ ගැටලුව, ඓතිහාසික හා ප්‍රතිවිරුද්ධ මතවාද දෘෂ්ටිකෝණයෙන් විමසිය යුතු බවට චීනය අදහස් කරයි. මෙහිදී විවෘතභාවය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තහවුරු කිරීමෙහි සහ ගැටුම් හා මතභේද සඳහා ඒකාබද්ධව විසඳුම් සොයා දීමෙහි නියැළී සිටිය යුතුය. ආරක්ෂණවාදය ක්‍රියාත්මක කළහොත්, ඉන් ගෝලීය ආර්ථික හා වෙළඳ පිළිවෙල කඩාකප්පල් කිරීම පමණක් සිදු කෙරේ. එය ගෝලීය කාර්මික සහ සැපයුම් දාමවල ආරක්ෂාව සහ ස්ථාවරත්වය මෙන්ම කාර්මික සහයෝගීතාවයේ විධිමත්, ක්‍රමානුකූල සංවර්ධනය අඩපණ කරයි. එමඟින් ගෝලීය ආර්ථික වර්ධනයට දිගුකාලීන අවදානම් ඇති කරන බව එම ලේඛනය පෙන්වා දී තිබේ.
