චීන-ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම පිලිපීනයේදී

චීන-ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම පිලිපීනයේදී

චීන-ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඊයේ(22) පිලිපීනයේ මැනිලා අගනුවරදී පැවැත්විණ. චීන විදේශ අමාත්‍ය Wang Yi සහ චීන-ආසියාන් සබඳතා සම්බන්ධීකාරක මැලේසියානු විදේශ අමාත්‍ය Mohamad Hasan යන මහත්වරු මෙහි සම-මූලිකත්වය දැරූහ. ආසියාන් සාමාජික රටවල විදේශ අමාත්‍යවරු සහ ආසියාන් මහලේකම්වරයා එම රැස්වීමට සහභාගී වූහ.

මෙම වසර චීන-ආසියාන් විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 5වන සංවත්සරය සනිටුහන් කරන බව Wang Yi මහතා පැවසීය. දෙපාර්ශ්වයේ ම නායකයන්ගේ ඒකාබද්ධ උපායමාර්ගික මග පෙන්වීම යටතේ, චීන-ආසියාන් සහයෝගීතාවය ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර, දෙපාර්ශ්වයේ බිලියන 2කට අධික ජනතාවට එමගින් ප්‍රතිලාභ සැලසී ඇත.

කලාපයේ සාමකාමී සංවර්ධන පරිසරයක් පවත්වා ගැනීම, කලාපීය සංවර්ධනයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම, නවෝත්පාදන සහ හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙන් ම ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයකට අනුගත වීම යන යෝජනා හතරක් ද Wang Yi මහතා එම රැස්වීමේදී ඉදිරිපත් කළේ ය.

මේ අතර, කලාපයේ රටවල් “දකුණු චීන මුහුදේ පාර්ශ්වයන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රකාශනයට” දැඩි ලෙස අනුකූල විය යුතු බවත්, දකුණු චීන මුහුදේ ප්‍රශ්නය නිදහසට කරුණක් ලෙස භාවිත කර ගැටලු ඇති කිරීමට සමහර රටවල් දරන උත්සාහයන්ට විරුද්ධ විය යුතු බවත් Wang Yi මහතා  පැවසීය.

චීනය ආසියාන් සංගමයේ වැදගත් ම මිත්‍රශීලී අසල්වැසියෙකු, සංවාද හවුල්කරුවෙකු මෙන්ම විශාලතම වෙළඳ හවුල්කරුවෙකු බව විවිධ පාර්ශ්වයන් එහිදී ඒකමතික ව ප්‍රකාශ කර ඇත. දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා, මෙම වසරේ හැකි ඉක්මනින් “දකුණු චීන මුහුදේ කටයුතු සම්බන්ධ චර්යා සංග්‍රහයක්” ඇති කර ගැනීමට විවිධ පාර්ශ්ව බලාපොරොත්තු  පළ කරති.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *