චීන-පිලිපීන සබඳතා මේ වන විට සන්ධිස්ථානයක පවතින අතර, ඉදිරි මාවත පිළිබඳව නිවැරදි, තාර්කික තීරණ ගැනීම පිලිපීන පාර්ශ්වයට පැවරී ඇති බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා පවසයි.
පිලිපීනයේ මැනිලා නුවරදී පිලිපීන විදේශ කටයුතු ලේකම් Ma. Theresa Lazaro මහත්මිය සමග ඊයේ(22) පැවති සාකච්ඡාවේදී වැන්ග් යී මහතා මේ බව ප්‍රකාශ කළේය.
Ren’ai ගල්පරය අසල මුහුදු ප්‍රදේශයේදී පිලිපීන පුද්ගලයින් චීනයේ නීතිය ක්‍රියාත්මක කිරීමෙහි නිරත යාත්‍රාවට ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව චීන විදේශ අමාත්‍යවරයා එහි දී දැඩි විරෝධය පළ කර ඇත.
පසුගිය වසර කිහිපය තුළ චීන-පිලිපීන සබඳතා අඛණ්ඩ දුෂ්කරතා සහ අභියෝගවලින් පිරී තිබේ. එය පැහැදිලිවම දෙපාර්ශ්වයේම අවශ්‍යතාවක් නොවන අතර පිලිපීනයේම සංවර්ධනයට බාධා කරන බව හෙතෙම පැවසීය. කලාපය තුළ දැඩි ලෙස දිනාගත් සාමය සහ සංවර්ධනය දෙපාර්ශ්වයම ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු නමුත් පිලිපීනය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් කලාපීය සාමය සහ ස්ථාවරත්වයට බාධා කිරීමේ මූලාශ්‍රයක් බවට පත්වෙමින් තිබෙව බව වැන්ග් යී මහතා පෙන්වා දුන්නේය.
බාහිර බලවේගවලට කලාපීය කටයුතුවලට මැදිහත් වීමට ඉඩ දීම සහ සමුද්‍ර ආරවුල් හිතාමතාම උද්දීපනය කිරීමෙන් පිලිපීනය අන් අය විසින් හසුරුවන ඉත්තෙකු බවට පත් ව ඇති බව කරුණු මගින් සනාථ වී තිබේ. බාහිර රටවල සහාය ඇතිව සිදු කරන ප්‍රකෝප කිරීමේ ඕනෑම උත්සාහයක් අවසානයේ පිලිපීනයට තම ක්‍රියාවට එරෙහි කටුක ප්‍රතිවිපාක දරා ගැනීමට සිදුවනු ඇතැයි වැන්ග් යී මහතා පැවසීය.
