චීනයේ Tianzhou-10 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය සාර්ථකව උඩු ගුවනට

චීනයේ Tianzhou-10 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය සාර්ථකව උඩු ගුවනට

චීනයේ Long March-7 Y11 ප්‍රවාහක රොකට්ටුව මගින් Tianzhou-10 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය සාර්ථකව ගුවන්ගත කෙරේ.

චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලයට අනුව, මෙම මෙහෙයුම බෙයිජිං වේලාවෙන් අද(11) පෙරවරු 8.14ට දකුණු චීනයේ Wenchang අභ්‍යවකාශ නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේදී සාර්ථකව සිදු කෙරිණ. විනාධි 10කින් පමණ පසුව, Tianzhou-10 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය සහ Long March-7 Y11 වාහක රොකට්ටුව වෙන් වී නියමිත කක්ෂයට ඇතුළු වූ අතර එහි සූර්ය පැනලය විවෘත කිරීමෙන් එම මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර ඇත. ඉන් පසුව, Tianzhou-10 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ කරනු ඇත. 

අජටාකාශ ඇඳුම් කට්ටලයක් සහ ගගනගාමීන් කක්ෂයේ ගතකරන කාලයට අවශ්‍ය ද්‍රව්‍ය, ඉන්ධන, අත්හදා බැලීම් හා පරීක්ෂණ සඳහා උපකරණ ඇතුළු භාණ්ඩ Tianzhou-10 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය රැගෙන යනු ඇත.

චීනය ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු ව්‍යාපෘතිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය භාවිත කිරීම හා සංවර්ධනය කිරීමේ අදියරට පිවිසීමෙන් පසු සිදු කළ 5 වැනි භාණ්ඩ සැපයීමේ මෙහෙයුම මෙයයි. එමෙන්ම එය Long March ප්‍රවාහක රොකට් මාලාවේ 641 වැනි පියාසර මෙහෙයුම හා Tianzhou-10 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයේ 10 වැනි පියාසැරි මෙහෙයුම ඉන් සනිටුහන් කර ඇත. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *