පිලිපීන වෙරළාරක්ෂක බලකායට අයත් ගුවන් යානයක් සිතාමතාම චීන නෞකාවක් වෙත ළඟා වී බාධා සිදු කරන බවට පළ වූ වාර්තාවන්ට චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයෙකු ප්‍රතිචාර දැක්වීය.
චීනයට අයත් මෙම Xiangyanghong 33 නෞකාව, පසුගිය 06 වැනිදා චීනයේ Houteng ගල්පරය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සාමාන්‍ය පාරිසරික ගවේෂණයකට එක් විය. මෙම කාලය තුළ පිලිපීන වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයක් සිතාමතාම එම නෞකාව වෙත ළඟා වී හිරිහැර කළේය. චීන වෙරළාරක්ෂක බලකාය නීති හා රෙගුලාසි වලට අනුකූලව පිලිපීනයේ ගුවන් යානය ලුහුබැඳ ගොස් නිරීක්ෂණය කළ අතර,මෙහෙයුම් අතරතුර චීන යාත්‍රාවේ ආරක්ෂාව සහතික කර සම්පූර්ණ මෙහෙයුම වෘත්තීයමය හා ප්‍රමිතිගත ආකාරයකින් සිදු කරන ලදී.
පිලිපීනයේ ප්‍රකාශයන්, කරුණු විකෘති කිරීම,සත්‍යය නොසලකා හැරීම සහ මහජනතාව ව්‍යාකූල කිරීමට උත්සාහ කිරීමක් බව එම ප්‍රකාශකයා පැවසීය. නීති විරෝධී මැදිහත්වීම් සහ මඩ ගැසීමේ ව්‍යාපාරය වහාම නතර කරන ලෙස දන්වමින් චීනය පිලිපීනයට අනතුරු ඇඟවූ බව ඔහු එහිදී පැවසීය. එමෙන්ම චීන වෙරළාරක්ෂක බලකාය නීතියට අනුකූලව චීනයට අයත් මුහුදු ප්‍රදේශයේ සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යන බවත්, චීනයේ විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයුම්වල ආරක්ෂාව සහ දකුණු චීන මුහුදු ප්‍රදේශයේ සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
