චීනය සහ ඇමරිකාව එකඟ වූ පරිදි, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ චීන උප අගමැති He Lifeng මහතාගේ ප්‍රධනත්වයෙන් යුත් නියෝජිත පිරිසක්, ලබන 12 සහ 13වැනිදා ඇමරිකාව සමඟ වෙළඳ හා ආර්ථික උපදේශන පැවැත්වීම සඳහා දකුණු කොරියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
චීන වාණිජ අමාත්‍යාංශය අද(11) මේ බව සඳහන් කරමින් පැවසුවේ, දකුණු කොරියාවේ බූසාන් රැස්වීමේදී ඇති කරගත් වැදගත් එකඟතාවන් සහ දෙරටේ නායකයින් අතර පෙර පැවති දුරකථන සංවාද මඟ පෙන්වීමක් ලෙස ගෙන, අන්‍යෝන්‍ය වශයෙන් සැලකිලිමත් වන ආර්ථික හා වෙළඳ ගැටළු පිළිබඳව එහිදී උපදේශන පැවැත්වෙනු ඇති බවයි.
