චීනයේ නීති සංශෝධන කෙටුම්පත් රැසක් 14වන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 25වන සැසිවාරයේ සමාලෝචනයට 

චීනයේ නීති සංශෝධන කෙටුම්පත් රැසක් 14වන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 25වන සැසිවාරයේ සමාලෝචනයට 

චීනයේ අපරාධ නඩු පැමිණිලි නීති සංශෝධන කෙටුම්පත හා පුනර්ජනනීය බලශක්ති සම්පත් පිළිබඳ සංශෝධන කෙටුම්පත ඇතුළු නීති සංශෝධන කෙටුම්පත් සමාලෝචනය සඳහා පියවර ගැනේ. 

රටේ උත්තරීතර ව්‍යවස්ථාදායකය වන 14වන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 25 වන සැසිවාරයේදී අදාළ පනත් කෙටුම්පත් සහ සංශෝධන අද (2) ඉදිරිපත් කර ඇත.

අපරාධ නඩු පැමිණිලි නීති සංශෝධන කෙටුම්පතට වගන්ති 55ක් ඇතුළත් වේ. අපරාධ නඩු පැමිණිලිවල ප්‍රධාන මූලධර්මය, පුද්ගලයින්ට එරෙහි දැඩි නෛතික පියවර ගැනීම මෙන්ම නඩුවකට අදාළ වත්කම් අත්පත් කරගැනීම, රඳවා තබා ගැනීම,තහනම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ පටිපාටි සම්පූර්ණ කිරීම ඇතුළු ප්‍රධාන කරුණු 7ක් එම නීති සංශෝධන කෙටුම්පතට ඇතුළත්ය. 

එමෙන්ම ප්‍රථම වරට 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 25වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරෙන පුනර්ජනනීය බලශක්ති සම්පත් පිළිබඳ සංශෝධන කෙටුම්පත පරිච්ඡේද 10කින් සහ වගන්ති 67කින් සමන්විතය. පුනර්ජනනීය බලශක්ති සම්පත් ක්ෂේත්‍රයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය තහවුරු කිරීම පැහැදිලි කිරීම, නීති සම්පාදක අරමුණ හා අදාළ අවශ්‍යතාවන් පූර්ණ කිරීම, සම්පත් සමීක්ෂණ හා සංවර්ධන සැලසුම් සම්පූර්ණය කිරීම යන කරුණු එහි සංශෝධනවලට ඇතුළත් වී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *