චීනයේ කහ ගඟ සංරක්ෂණයේ වැදගත්කම චීන ජනපති අවධාරණය කරයි

චීනයේ කහ ගඟ සංරක්ෂණයේ වැදගත්කම චීන ජනපති අවධාරණය කරයි

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගියදා චීනයේ මව් ගංගාවක් ලෙසින් විරුදාවලි ලද කහ ගංගාවේ සංරක්ෂණ හා පාලන කටයුතු වෙනුවෙන් උපදෙස් දුන්නේය. නව යුගයේ චීන මාදිලියේ සමාජවාදී චින්තනය මත පදනම්ව කහ ගඟ සංරක්ෂණය වෙත ප්‍රමුඛත්වයක් ලබා දෙමින් එහි පාලන කටයුතු වෙත ද ඉහළ අවධානයක් යොමු කළ යුතු යැයි හෙතෙම එහිදී අවධාරණය කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් යුතුව ජනතාව වසර 80ක් පුරා කහ ගංගාවේ ජල කළමනාකරණ කටයුතු ක්‍රමානුකූලව පාලනය කර‍මින් ඉතිහාසයේ කලක සිට පැවති පිටාර ගැලීමේ ආපදා තත්ත්වයන් සම්පූර්ණයෙන්ම පාලනය කර සැබෑ වෙනසක් ඇති කර තිබීම කැපී පෙනෙන්නකි. මෙමගින් සමාජවාදී ක්‍රමවේදයේ කැපී පෙනෙන ලක්ෂණ ද පෙන්නුම් කර ඇති බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. කහ ගංගාව ආශ්‍රිත ප්‍රදේශයේ ජෛව සංරක්ෂණය ගුණාත්මකව සිදු කිරීම තහවුරු කළ යුතු බව පැවසූ හෙතෙම රටේ ජෛව ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බවත්, කහ ගංගාවේ සුන්දරත්වය හා චමත්කාරය වඩාත් ඉස්මතු කිරීම සඳහා උත්සාහ දැරිය යුතු බවත් අවධාරණය කරමින් ෂී ජින්පිං මහතා උපදෙස් දී ඇත.

කහ ගංගාවේ සංරක්ෂණ හා පාලන කටයුතු පූර්ණ ලෙස තහවුරු කිරීම පිළිබඳ රැස්වීම (02) Zhengzhou නගරයේදී පැවැත්විණ. ෂී ජින්පිං මහතාගේ මෙම උපදෙස් පිළිබඳව එහිදී දැනුවත් කෙරිණ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *