ජපානයේ ‘VIVANT’ නමැති ටෙලිනාට්‍යයට චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ විරෝධය

ජපානයේ ‘VIVANT’ නමැති ටෙලිනාට්‍යයට චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ විරෝධය

“ඉතිහාසය විකෘති කරන්නේ කවුද?” යන තේමාවෙන් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය අද(1) වීඩියෝවක් නිකුත් කළේය. මෙම වීඩියෝව ජපාන ටෙලිනාට්‍යයක් වන ‘VIVANT’ හි දෙවන කතා මාලාව හෙළා දකිමින් ඉදිරිපත් කෙරිණ. එම ටෙලිනාට්‍යය තුළින් හිතාමතාම ඓතිහාසික කරුණු වැරදි ලෙස නිරූපණය කරමින් සත්‍ය අසත්‍ය බවට පත් කර ඇත. එහිදී ආක්‍රමණික ජපන් හමුදාව විසින් චීන සටන් විරුවන්ට සිදු කරන ලද කුරිරු වධහිංසා, චීන පාර්ශ්වයට ව්‍යාජ ලෙස ආරෝපණය කර ඇත. මෙය ජපානයේ ආක්‍රමණශීලී ඉතිහාසය වසන් කිරීමට ගත් උත්සාහයක් බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය එම වීඩියෝවෙන් පෙන්වා දෙයි. 

පැහැදිලි ඓතිහාසික සාක්ෂි විශාල ප්‍රමාණයක් හමුවේ, දිවි කැප කළ චීන ජාතිකයින්ගේ ලේ සහ කඳුළුවලින් ද පිරුණු එම ඉතිහාසය විකෘති කිරීමට කිසිවිටෙකත් ඉ‍ඩ නොදිය යුතුය. එමෙන්ම සිදු කළ අපරාධවල වගකීම අහිංසක පාර්ශ්ව මත පැටවීමට ඉඩ නොදිය යුතුය. මෙවැනි ඉතිහාසය විකෘති කිරීමට දරන උත්සහායන් තරයේ ප්‍රතික්ෂේප කළ යුතු බවත්, සත්‍යය කිසි විටෙකත් විකෘති කිරීමට ඉඩ නොදිය යුතු බවත් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ එම වීඩියෝවෙන් අවධාරණය කරයි. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *