ගල්ෆ් කලාපයේ සාමය සහ සන්සුන් බව යථාතත්ත්වයට පත් කිරීම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට චීනය තවදුරටත් සූදානම් බව චීන අගමැති ලී ච්‍යං මහතා පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි ඔටුන්න හිමි Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan කුමරු සමග බෙයිජිං හි පැවති හමුවේදී ඔහු ඊයේ(13) මේ බව පැවසීය.
ඉරානයේ ගැටුම ඇතිවූ දා සිට චීනය අදාළ පාර්ශ්වයන් සමග සමීප සන්නිවේදනයක යෙදී සිටින බවත් සාමය ප්‍රවර්ධනය කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ක්‍රියාකාරීව කැප වී සිටින බවත් ඔහු සඳහන් කළේය. මෑත වසරවල පැවති රාජ්‍ය නායකයින් දෙදෙනාගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ චීන-එක්සත් අරාබි එමීර් රාජ්‍ය සබඳතා පුළුල් සංවර්ධනයක් කරා ගමන් කරමින් පවතී. විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා සහ ජයග්‍රහණ අත්කරගෙන ඇති අතර එමගින් දෙරට ජනතාවට සැබෑ ප්‍රතිඵල ගෙන දී ඇත.
පොදු සංවර්ධන මාවතේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අත්වැල් බැඳගෙන ගමන් කිරීමටත්, සන්නිවේදනය සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කරමින් දේශපාලන විශ්වාසය තහවුරු කොට දෙරට සබඳතාව සහ සහයෝගිතාව අඛණ්ඩව වැඩි දියුණු කිරීමටත් චීනය කැමැත්තෙන් සිටී.
බලශක්ති සහයෝගීතාවයේ පදනම තහවුරු කරමින් එම ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීම සහ දෙරට හරිත පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග කටයුතු කිරීමට සූදානම් බව ලී ච්‍යං මහතා පෙන්වා දුන්නේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම විදේශ ප්‍රතිපත්තියෙන් චීනය සමග සබඳතා වර්ධනයට ප්‍රමුඛතාවය සහ විශාල වැදගත්කමක් ලබා දෙන බව Sheikh Khaled කුමරු සඳහන් කළේය. චීනය සමග ඉහළ මට්ටමේ හුවමාරු තවදුරටත් තීව්‍ර කිරීමට, වෙළඳාම, ආයෝජන, බලශක්තිය, විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන, අධ්‍යාපනය, සංස්කෘතික සහ අනෙකුත් ක්ෂේත්‍රවල හුවමාරු මෙන්ම සහයෝගීතාව පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බවත්, දෙරටේ සංවර්ධනයට සහ දෙරට ජනතාවගේ අවශ්‍යතාවලට වඩා හොඳින් සේවය කිරීම සඳහා කැමැත්තෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සාකච්ඡාවලින් පසු,ලී ච්‍යං මහතා සහ Sheikh Khaled කුමරු ඉදිරිපිට කෘෂිකර්මාන්තය,විද්‍යාව සහ තාක්ෂණය,ආයෝජන සහ සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතා ලේඛන අත්සන් කිරීම සිදුකෙරිණ.
