චීන උප අගමැති හ ලි ෆෙං මහතා 6වන චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනයේ සහ 2026 “Shopping in China” ජාත්‍යන්තර පාරිභෝගික සමයේ සමාරම්භක උත්සවයට එක් වෙයි. එම සමාරම්භක උත්සවය ඊයේ (13) චීනයේ හයි නැන් පළාතේ හයි ක්ඕ නගරයේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, උප අගමැති හ ලි ෆෙං මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ උපදෙස් පරිදි සහ විවිධ පාර්ශ්වයන්ගේ පොදු උත්සාහයන් යටතේ චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය හයි නැන් නිදහස් වෙළඳ වරාය සංවර්ධන ක්‍රියාවලියේ සංකේතයක් බවට පත්ව ඇතැයි හ ලි ෆෙං මහතා එහිදී කියා සිටියේ ය. චීනය දේශීය ඉල්ලුම පුළුල් කිරීමේ උපාය මාර්ගය නොවෙනස්ව අනුගමනය කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය හා ඉහළ මට්ටමේ විවෘතභාවය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත. එසේම චීන ලක්ෂණයෙන් යුත් නවමු සංවර්ධනය මගින් ලෝක ආර්ථික වර්ධනය වෙනුවෙන් වඩාත් නිශ්චිතභාවය හා නව ගාමක ශක්තිය එක්කිරීමට චීනය බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය ඇතුළු වේදිකා ඔස්සේ “Shopping in China” ජාත්‍යන්තර පාරිභෝගික සමයට ක්‍රියාශීලිව එක් වෙමින් චීනය සමග සංවර්ධන අවස්ථා බෙදා ගන්නා ලෙස චීන උප අගමැතිවරයා සිය දේශනයෙන් විවිධ රටවල ව්‍යවසායන් වෙත ඇරයුම් කළේය.
