6වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය අද (13) සිට එළඹෙන 18වැනිදා දක්වා චීනයේ හයිනාන් පළාතේදී පැවැත්වේ. ප්‍රදර්ශනයේ ප්‍රවෘත්ති මධ්‍යස්ථානය අද (13) පස්වරු 2:00 ට නිල වශයෙන් විවෘත වීමට නියමිතය.
මේ වන විට ප්‍රදර්ශන ශාලා 8ක් සකස් කොට අවසන්ය. ස්මාර්ට් කණ්නාඩි, පියාඹන මෝටර් රථ, සේවා රොබෝවරු සහ අනෙකුත් අද්විතීය නිෂ්පාදන ප්‍රදර්ශකයින්ගේ සහ මාධ්‍ය වාර්තාකරුවන්ගේ අවධානය දිනා ගත්හ.
හයිනාන් පළාතේ නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ජාතික මට්ටමේ ප්‍රදර්ශනය ලෙස, මෙවර ප්‍රදර්ශනය නිදහස් වෙළඳ වරායේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ කලාපයක් ද ස්ථාපිත කළේය. ප්‍රදර්ශනය අතරතුර, මෙම ස්ථානය හයිනාන් පළාතේ නිදහස් වෙළඳ වරායේ ආයෝජන ප්‍රවර්ධන ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රදර්ශකයින්ට අවබෝධ කර ගැනීමට කවුළුවක් ලෙස ක්‍රියා කරනු ඇත.
