උතුරු කොරියානු අග්‍රාමාත්‍යවරයා බෙයිජිංහි ස්ථාන කිහිපයක සංචාරයට එක් වෙයි

උතුරු කොරියානු අග්‍රාමාත්‍යවරයා බෙයිජිංහි ස්ථාන කිහිපයක සංචාරයට එක් වෙයි

උතුරු කොරියානු අගමැති Pak Thae-song මහතා ඊයේ(12) චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය විදහා දැක්වෙන කෞතුකාගාරය සහ බෙයිජිං නාගරික දුම්රිය සේවා මෙහෙයුම් මධ්‍යස්ථානය නැරඹීමට එක් විය. ඒ ඔහුගේ චීනයේ නිල සංචාරය අතරතුරදීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය විදහා දැක්වෙන කෞතුකාගාරයේදී, Pak Thae-song මහතා චීන මහජන ස්වේච්ඡා හමුදාව කොරියානු යුද්ධයට සහභාගී වූ ඓතිහාසික සිදුවීමට අදාළ කෞතුක වස්තු සහ ඡායාරූප නැරඹීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සමාජවාදී නවීකරණ ක්‍රියාවලියේදී චීනය අඛණ්ඩ ව ජයග්‍රහණ ලබා ගනු ඇතැයි ඔහු එහිදී පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක් කළේය.

පසුව, අගමැති Pak Thae-song මහතා බෙයිජිං දුම්රිය සේවා මෙහෙයුම් මධ්‍යස්ථානයට පැමිණියේය. එහිදී ඔහු බෙයිජිං නාගරික මාර්ග ජාල සැකැස්ම විස්තරාත්මක ව විමසීය. චීනයේ උමං දුම්රිය ප්‍රවාහන ඉදිකිරීම් සහ එහි නවීන මෙහෙයුම් ආකෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට ද උතුරු කොරියානු අග්‍රාමාත්‍යවරයාට මෙහිදී අවස්ථාව හිමිවිය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *