චීනයේ 22වන සමුද්‍රීය දිනය ජූලි 11 වනදාට යෙදිණ. මෙම වසරේ එහි තේමාව වූයේ “ඩිජිටල් සහ කෘත්‍රිම බුද්ධි බලගැන්වීම: අනාගතය කරා ගමන” යන්නයි.
නාවික ප්‍රවාහනය, නැව් තැනීම සහ සමුද්‍ර කටයුතු යන ක්ෂේත්‍ර තුනෙහි චීනය ලොව ප්‍රධාන බලවතෙකු බවට පත්ව ඇති බව ඊයේ(11) නිකුත් කෙරුණු 2026 චීන සමුද්‍රීය දින නිවේදනයේ සඳහන් වේ.
වාණිජ ක්ෂේත්රයේ ලොව පුරා ප්‍රධාන රටවල් සහ කලාප ආවරණය කරන නැව් මාර්ග සහ සේවා ජාල සමඟ, ගෝලීය සමුද්‍රීය නැව්ගත කිරීමේ පරිමාවෙන් තුනෙන් එකක් පමණ චීනය සතුය. භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගෝලීය වශයෙන් පිළිගත් ඉහළ පෙළේ වරායන් 10න් 8ක් සහ බහාලුම් ප්‍රවාහනය සඳහා වන ඉහළම වරායන් 10න් 6ක් අයත් වන්නේ චීනයටය. නැව් තැනීම පිළිබඳ ප්‍රධාන දර්ශක තුනෙහි අඛණ්ඩ ව වසර 16 ක් පුරා චීනය ගෝලීය ප්‍රමුඛතාවය පවත්වා ගෙන ගොස් ඇත. චීනයේ දළ සමුද්‍රීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 11ක් ඉක්මවා යාම ද විශේෂත්වයකි.
