ඊනියා “දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව” කවදාවත් පිළිගන්නේ නැත-චීනය

ඊනියා “දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව” කවදාවත් පිළිගන්නේ නැත-චීනය

දකුණු චීන මුහු‍දේ සාමයට හානි කරන රටවල් එහි සාමයට හානි කිරීම නතර කළ යුතු බව චීනය පවසයි.

ඇමරිකාව, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එස්තෝනියාව, ජර්මනිය, ඉතාලිය, ජපානය, ලැට්වියාව, ලිතුවේනියාව, නවසීලන්තය, රුමේනියාව, ස්ලෝවේනියාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ඊනියා “දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුවේ දසවන සංවත්සරය සැමරීමේ ඒකාබද්ධ ප්‍රකාශය” ඊයේ(12) නිකුත් කළේය. එයට එරෙහිව චීන විදේශ අමාත්‍යාංශය දැඩි නිවේදනයක් පළ කරයි.

දකුණු චීන මුහුදේ දූපත් කෙරෙහි චීනයට ස්වෛරීභාවය පවතින අතර එය ජාත්‍යන්තර ප්‍රජාවේ එකඟතාවයක් බව එම නිවේදනය පෙන්වා දෙයි. දකුණු චීන මුහුදේ නාවික කටයුතු සහ ගුවන් ගමන්වල නිදහස කිසි විටෙකත් ගැටලුවක් වී නොමැති බව ද එම නිවේදනයේ අවධාරණය කර ඇත. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතිය පිළිබඳ සම්මුතියේ විෂය පථයට, භෞමික ගැටලු අයත් නොවන බව ද එහි දැක්වේ.

“දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව” පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි සහ ස්ථිර වන අතර, චීනය එම ඊනියා තීන්දුව පිළිගන්නේ නැති බව එම නිවේදනයෙන් පෙන්නුම් කෙරේ. එම රටවල් අඛණ්ඩ ව එම නීතිවිරෝධී තීන්දුව ප්‍රචාරය කිරීම කලාපීය සාමය සහ ස්ථාවරත්වයට නොගැළපෙන බව එහිදී සඳහන් කර ඇත. දකුණු චීන මුහුදේ චීනයේ භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් දැඩිව ගරු කරන ලෙසත්, දකුණු චීන මුහුදේ ගැටලුව සම්බන්ධයෙන් බාධා ඇති කිරීම නවත්වන ලෙසත් චීනය අදාළ රටවලින් ඉල්ලා සිටින බව එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *