චීනයට අයත් ඉපැරණි පුරාවිද්‍යාත්මක කලාකෘති සහ ෆොසිල කොටස් 64ක් ඇමරිකාව විසින් චීනයට ලබා දී ඇත. Washingtonහි ඇමරිකානු ස්වදේශ ආරක්ෂක විමර්ශන දෙපාර්තමේන්තුව සහ New York හි Manhattan දිස්ත්‍රික් නීතිපති කාර්යාලය විසින් 16 සහ 18 යන දිනවලදී මෙම පුරාවිද්‍යාත්මක කලාකෘති සහ ෆොසිල කොටස් මෙලෙස නැවත චීන සංස්කෘතික උරුමයන් පිළිබඳ රාජ්‍ය පරිපාලනය වෙත භාර දී ඇත. Tianlongshan කන්දේ අංක 17 ගුහාවෙහි බටහිර බිත්තියේ උතුරු පැත්තෙන් සොයාගත් බෝධිසත්ත්ව ප්‍රතිමාවක්, ඩයිනෝසෝර ඇටසැකිලි ෆොසිල සහ මාළු ෆොසිල ඊට ඇතුළත් වේ.
ඇමරිකාව විසින් ආපසු ලබා දුන් මෙම ඉපැරණි පුරාවිද්‍යාත්මක කලාකෘති සහ ෆොසිල සියල්ලම එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ඔවුන්ගේ මෙහෙයුම් අතරතුර අත්අඩංගුවට ගන්නා ලද වස්තූන්ය. චීන සංස්කෘතික උරුමයන් පිළිබඳ රාජ්‍ය පරිපාලනය, ඇමරිකාවේ චීන තානාපති කාර්යාලය සහ New York හි කොන්සල් ජනරාල් කාර්යාලය සමග එක්ව කටයුතු කර, මේවා ආපසු ලබා ගැනීමට ඇමරිකානු පාර්ශ්වය සමග සමීපව කටයුතු කර තිබේ.
