චීනය Shanxi පළාතේ පිහිටි Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට ඊයේ(19) චන්ද්‍රිකා සමූහයක් අභ්‍යවකාශගත කළේය.
“Long March-2D” නමැති රොකට්ටුවක් මගින් බෙයිජිං වේලාවෙන් පස්වරු 6:50ට දියත් කරන ලද මෙම “PIESAT-2 13-16” චන්ද්‍රිකා සමූහය, සාර්ථකව නියමිත කක්ෂයන් වෙත ළඟා විය.
දියත් කිරීමේ මධ්‍යස්ථානයට අනුව, මෙම මෙහෙයුම “Long March” රොකට් මාලාවේ 668 වැනි පියාසැරි මෙහෙයුම සනිටුහන් කරයි.
