චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා ඕස්ට්‍රේලියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක Milton Dick මහතා සමග ඊයේ(20) බෙයිජිං හිදී සාකච්ඡාවක් පැවැත්වීය.
සමානාත්මතාවයට ගරු කිරීම, වෙනස්කම් පසෙක තබා පොදු අවබෝධයන් සෙවීම සහ දෙපාර්ශ්වයටම ප්රතිලාභ ලැබෙන සහයෝගිතාව වර්ධනය කිරීම, දෙරටේ සහ දෙරට ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල බව අත්දැකීම් මගින් පෙන්නුම් කර ඇතැයි Zhao Leji මහතා එහි දී පෙන්වා දුන්නේය.
චීනයේ හරිත සංවර්ධනයේ ප්‍රගතිය පිළිබඳවද ඔහු කරුණු පැහැදිලි කළේය. ගෝලීය හරිත පරිවර්තනයට එක්ව දායක වීම සඳහා ඕස්ට්‍රේලියාව සමග අත්දැකීම් හුවමාරු කොට සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.
ඕස්ට්‍රේලියා-චීන සබඳතා මේ වනවිට ස්ථාවර ලෙස වර්ධනය වෙමින් පවතින බවත්, විවිධ ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගිතාව ඉදිරියට යමින් පවතින බවත් Milton Dick මහතා එහි දී සඳහන් කළේය.
දෙරටම ගැඹුරු ආර්ථික හා වෙළඳ හුවමාරු මගින් ප්රතිලාභ ලබමින් සිටින අතර ඕස්ට්‍රේලියාව “එකම චීනය” ප්‍රතිපත්තිය අනුගමනය කරනු ඇත. වෙළඳාම, සංස්කෘතිය, කෘෂිකර්මාන්තය, පතල් කර්මාන්තය, දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම සහ කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්රවල චීනය සමග හුවමාරු මෙන්ම සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙපාර්ශ්වයටම වාසිදායක ප්‍රතිඵල අත්කර ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
