APEC වෙළඳ අමාත්‍ය සමුළුවෙන් ඉදිරි වසර 10 තුළ සේවා කර්මාන්තයේ සංවර්ධනය සඳහා සැලැස්මක්

APEC වෙළඳ අමාත්‍ය සමුළුවෙන් ඉදිරි වසර 10 තුළ සේවා කර්මාන්තයේ සංවර්ධනය සඳහා සැලැස්මක්

2026 APEC වෙළඳ අමාත්‍යවරුන්ගේ සමුළුව ඊයේ(23) චීනයේ Suzhou නගරයේදී අවසන් විය.  

සමුළුවට පසු පැවති මාධ්‍ය හමුවකදී චීන වාණිජ ඇමති Wang Wentao මහතා පෙන්වා දුන්නේ, සියලුම පාර්ශ්වයන් “නව්‍ය, තරගකාරී සහ ඔරොත්තු දෙන සේවා සඳහා වන APEC මාර්ග සිතියම” අනුමත කර ඇති අතර, ප්‍රධාන ක්ෂේත්‍ර අටක සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීමට එකඟ වූ බවයි. මෙයින් සේවා කර්මාන්තයට අදාළ ප්‍රතිපත්තිවල අඛණ්ඩ නවෝත්පාදනයන් සහ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කරනු ඇත. එසේම මෙය විවෘත හා පුරෝකථනය කළ හැකි සේවා, වෙළඳ සහ ආයෝජන ආයතනික පරිසරයක් ඒකාබද්ධව ගොඩනඟනු ඇති අතර ඉදිරි වසර 10 තුළ සේවා කර්මාන්තයේ සංවර්ධනය සඳහා සැලැස්මක් සකස් කරනු ඇතැයි ඔහු පැවසීය.

මෙම සමුළුවේදී ඇති කරගත් වැදගත් ප්‍රතිඵල සහ එකඟතාව, මෙම වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත APEC නායකයින්ගේ නිල නොවන සමුළුවට ධනාත්මක දායකත්වයක් ලබා දෙනු ඇති බව Wang Wentao මහතා එහිදී සඳහන් කළේ ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *