සර්බියානු ජනපති චීන මහා ප්‍රාකාරය නරඹමින් චීන නිල සංචාරය අරඹයි

සර්බියානු ජනපති චීන මහා ප්‍රාකාරය නරඹමින් චීන නිල සංචාරය අරඹයි

සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා පස්දින චීන නිල සංචාරය අරඹයි. හෙතෙම ඊයේ (24) විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරට ළඟා වී පස්දින චීන නිල සංචාරය ආරම්භ කළේය. චීන මහා ප්‍රාකාරය සර්බියානු ජනාධිපතිවරයා බෙයිජිං හි රැඳී සිටින කාලයේ තෝරාගත් පළමු ගමනාන්තයයි. ඊයේ (24) සවස චීන මහා ප්‍රාකාරයට පැමිණි හෙතෙම එහි අලංකාරය නැරඹූ අතර ලොව පුදුම හතෙන් එකක් වන චීන මහා ප්‍රාකාරය ඉහළින් අගය කළේය. මෙවන් අති විශිෂ්ට නිර්මාණයක් වෙනුවෙන් කැප වූ ජාතියක් කිසිසේත් පරාජය කළ නොහැකි ජාතියක් බවත්, චීන මහා ප්‍රාකාරය චීන ජනතාවගේ ජීවගුණයේ සංකේතයක් බවත්, පළමු වරට චීන මහා ප්‍රාකාරයට පැමිණි තමන්ට ඉමහත් සතුටක් දැනුණු බවත්, සර්බියානු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

එසේම චීනය සමග පවත්නා දැඩි මිත්‍රත්වය සර්බියාව ඉතා වැදගත් කොට සලකන බව හෙතෙම සඳහන් කරයි. තවද, සිය ‍රට මුහුණ දුන් දුෂ්කර කාල සීමාවන් තුළ චීනය සමීපව සිට ලබා දුන් උපකාර වෙත Aleksandar Vučić මහතා සිය කෘතඥතාව ද පළ කර තිබේ. මෙවර චීන සංචාරය ඉතා වැදගත් බව පවසමින් සර්බියානු ජනාධිපතිවරයා කියා සිටියේ, සිය චීන සංචාරයේ සාර්ථකත්වය පිළිබඳව තමා දැඩි විශ්වාසයෙන් සිටින බවය.

මේ අතර අද (25) පෙරවරුවේ හෙතෙම බෙයිජිං හි ටියෙන් අන් මෙන් චතුරශ්‍රය වෙත ගොස් එහි චීන මහජන වීරයින්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද එක් විය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *