එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඇමැති විජිත හේරත් කියයි
කිසිදු බියක් හෝ පක්ෂග්රාහීත්වයක් නොමැතිව දූෂණයට එරෙහිව තරාතිරම නොබලා ශ්රී ලංකාව අඛණ්ඩව නීතිය ක්රියාත්මක කරන බව විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේදී විශේෂ ප්රකාශයක් කරමින් අවධාරණය කර සිටියේය. දේශපාලන මැදිහත්වීම්වලින් තොරව විමර්ශන හා නඩු පැවරීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද හෙතෙම ප්රකාශ කළේය.
