චීනයේ විදේශීය සෘජු ආයෝජන ප්‍රමාණය ලෝකයේ ඉහළම ස්ථාන අතරට පැමිණ ඇති අතර, එය විවිධාංගීකරණය වූ ආයෝජන ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.
චීන වාණිජ අමාත්‍යාංශය, ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනය සහ ජාතික විදේශ විනිමය පරිපාලනය ඊයේ(23) එක්ව නිකුත් කරන ලද “2025 වසරේ චීනයේ විදේශීය සෘජු ආයෝජන පිළිබඳ සංඛ්‍යාලේඛන ප්‍රකාශනය” තුළින් මේ බව අනාවරණය විය.
ඒ අනුව, 2025 වසරේ චීනයේ විදේශීය සෘජු ආයෝජන ගලා යාම ඇ.ඩො. බිලියන 213.58ක් වූ අතර, පසුගිය වසරට සාපේක්ෂව එය 11.1%ක වර්ධනයකි. ඇ.ඩො. ට්‍රිලියන 3.4ක විදේශීය ආයෝජන ප්‍රමාණයක් චීනයට හිමිව ඇත. ඒ සමගින් චීනය අඛණ්ඩව වසර නවයක් පුරා එහි ගෝලීය මට්ටමේ ඉහළම ස්ථාන තුන අතර රැඳී සිටින අතර, ගෝලීය ආයෝජනවල එහි කොටස ද 7.4% දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, 2025 වසරේදී චීන ව්‍යවසායන් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැගීම හා සම්බන්ධ රටවල් වෙත සිදු කළ සෘජු ආයෝජනයන්හි වටිනාකම ඇ.ඩො. බිලියන 46.05ක් බවත්, එය එම වසරේ සමස්ත විදේශීය ආයෝජන ගලා යාමෙන් 21.6%ක අගයක් ගන්නා බවත් එම ප්‍රකාශනයෙන් වැඩිදුරටත් පෙන්නුම් කෙරේ.
