චීන-කිර්ගිස්ථාන අගමැතිවරුන් අතර හමුවක්

චීන-කිර්ගිස්ථාන අගමැතිවරුන් අතර හමුවක්

චීන අගමැති ලී ච්‍යං මහතා ඊයේ(23) සවස චීනයේ Hang Zhou නගරයේදී කිර්ගිස්ථාන අගමැති Adylbek Kasymaliev මහතාව හමු විය. 5 වන ගෝලීය ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා Adylbek Kasymaliev මහතා චීනයට පැමිණ සිටී.

මෑත වසරවල, චීන-කිර්ගිස්ථාන සහයෝගිතාව වේගවත් සංවර්ධනයේ “ස්වර්ණමය යුගයකට” පිවිස ඇති බව ලී ච්‍යං මහතා එම හමුවේදී ප්‍රකාශ කළේය. වත්මන් අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වය මධ්‍යයේ, දෙරටම වඩාත් සමීප සම්බන්ධීකරණයෙන් එක්ව ඉදිරියට යා යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. පොදු ඉරණමක් සහිත චීන-කිර්ගිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරමින් දෙරටේ ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දීමට, චීනය කිර්ගිස්ථානය සමග කටයුතු කිරීමට සූදානම් බව ලී ච්‍යං මහතා අවධාරණය කර ඇත.

කිර්ගිස්ථානය එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන අතර, ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතරට සහාය දක්වන බව ද Adylbek Kasymaliev මහතා එම අවස්ථාවේදී පැවසීය. චීනය සමග විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගිතා ගැඹුරු කිරීමට කිර්ගිස්ථානය කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *