“ශංහයි  සහයෝගිතා සංවිධානයේ ප්ලස් (SCO+) ” ‍සමුළුවේදී  චීන ජනපතිගෙන් වැදගත් දේශනයක්

“ශංහයි  සහයෝගිතා සංවිධානයේ ප්ලස් (SCO+) ” ‍සමුළුවේදී  චීන ජනපතිගෙන් වැදගත් දේශනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා (1)පස්වරුවේ  “ශංහයි සහයෝගිතා සංවිධානයේ ප්ලස් (SCO+) ” ‍සමුළුවට එක් වී වැදගත් දේශනයක් ඉදිරිපත් කර ඇත. ඒ කිර්ගිස්ථානයේ බිෂ්කෙක්හි හැපිනස් මාලිගයේදීය. සාධාරණ විධිමත් බහුධ්‍රැවීය ලෝකයක්, එක්ව ප්‍රවර්ධනය කිරීමෙන් වඩාත් යුක්ති සහගත හා සාධාරණ ගෝලීය පාලනයක් සාක්ෂාත් කරගැනීම එම දේශනයේ ප්‍රධාන තේමාව විය. 

එක්සත් ජාතීන්ගේ කාර්යභාරය ශක්තිමත් කිරීම හා බහුධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීම සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු කර තිබිණ. ගෝලීය පාලනය ප්‍රතිසංස්කරණ කර, සම්පූර්ණ කිරීමේ ශංහයි සහයෝගිතා සංවිධානය සතු යුගයේ වගකීම ඉන් පිළිබිඹු වූ බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. 

සමගිය හා ජීවශක්තිය  ඉහළ මට්ටමක පවතින ශංහයි සහයෝගිතා සංවිධාන‍යෙන් ලෝකයේ බහුධ්‍රැවීකරණය සඳහා වඩා වැඩි දායකත්වයක්  ලබා දිය හැකිය. ඓතිහාසික ප්‍රවණතාව නිවැරදිව හඳුනාගෙන ඒ ඒ පාර්ශ්ව යුගයේ වගකිම භාර ගත යුතු ය. ජනතාව කේන්ද්‍රීය කරගත් මෙහෙයුම් පදනම්ව සාධාරණ විධිමත් බහුධ්‍රැවීය ලෝකයක්, එක්ව ප්‍රවර්ධනය කිරීමෙන් වඩාත් යුක්ති සහගත හා සාධාරණ ගෝලීය පාලනයක් සාක්ෂාත් කරගැනීම මෙන්ම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව එක්ව ගොඩනැගීම සඳහා කටයුතු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. 

සංවිධානයේ කාර්යභාරය යහපත් ලෙස ඉටු කිරීම වෙනුවෙන් හෙතෙම සිය දේශනයේදී යෝජනා තුනක් ද ඉදිරිපත් කළේ ය.

ඒ අනුව, ‘ශංහයි සහයෝගිතා සංවිධානයේ ශක්තිය’ මගින් ආසියා-යුරෝපා පොදු සංවර්ධනය හා සමෘද්ධිය දිරිමත් කළ යුතුය. ‘ශංහයි සහයෝගිතා සංවිධානයේ බුද්ධිය’ මගින් ගෝලීය දකුණේ සංවර්ධනය තහවුරු කළ යුතුය. එමෙන්ම‘ශංහයි සහයෝගිතා සංවිධානයේ මෙහෙයුම්’ හරහා ගෝලීය පාලනයේ ප්‍රතිසංස්කරණය හා සම්පූර්ණ කිරීමට මග පෙන්වා දිය යුතු ය. 

තවද, වගකිවයුතු ප්‍රධාන රටක් ලෙස චීනය සාධාරණ විධිමත් බහුධ්‍රැවීය ලෝකයක් එක්ව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව පෙනී සිටී. ස්වාධිපත්‍යය,සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගරු කිරීම එහි මූලික මූලධර්ම බව හෙතෙම පැවසීය. සමබර, විධිමත් මෙන්ම නීත්‍යානුකූල වීම එහිදී අත්‍යවශ්‍ය වේ.

බහුපාර්ශ්විකවාදය, සංවාදය හා සාකච්ඡා එම බහුධ්‍රැවීය ලෝකය සාක්ෂාත් කිරීමේ ප්‍රධාන මාර්ගයක් බවත්,අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සහ අවබෝධය සංවර්ධනයේ දිශානතියක් බවත් චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *