නේපාල මහා ගංවතුරෙන් අහිමිවූ ජීවිත ගණන 177ක් දක්වා වැඩිවෙයි

නේපාල මහා ගංවතුරෙන් අහිමිවූ ජීවිත ගණන 177ක් දක්වා වැඩිවෙයි

නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයේ භෝටේකොෂි ගංගා පද්ධතිය ආශ්‍රිතව ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 177ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

අතුරුදන් වූවන් සෙවීම සඳහා නේපාල රජය විසින් විශේෂ සහන කණ්ඩායම් යොදවා ඇති අතර, ඉන්දියාව ඇතුළු විදේශ රටවල් කිහිපයක් ද කඩිනමින් නේපාලයට සහන කණ්ඩායම් යොමු කිරීමට පියවර ගෙන තිබේ.

හදිසි ගංවතුර තත්ත්වයෙන් පසු සංචාරකයින් 579 දෙනෙකු ඉන් 400කට අධික සංඛ්‍යාවක් විදේශිකයින් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව නේපාල සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. එසේම විදේශිකයින් අතර ඉන්දියානුවන් 142 දෙනෙකු සහ ඕස්ට්‍රේලියානුවන් 34 දෙනෙකු මෙන්ම මැලේසියාව, නෙදර්ලන්තය, පෘතුගාලය, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවලින් පැමිණි පිරිස් ද වූහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *