චීන භාණ්ඩ සඳහා අතිරේක තීරු බදු පැනවීමට ඇමරිකාවේ ඇති සූදානම ගැන චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි

චීන භාණ්ඩ සඳහා අතිරේක තීරු බදු පැනවීමට ඇමරිකාවේ ඇති සූදානම ගැන චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 7.5%ක අතිරේක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු රජය සලකා බලමින් සිටීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරන බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක Huang Ling මහත්මිය පවසයි. අද(27) පැවති මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය ඒ බව පැවසුවාය.

ඊනියා “අධික නිෂ්පාදන ධාරිතාව” සඳහන් කරමින් චීනය ඇතුළු ආර්ථිකයන් 16කට එරෙහිව 301 වගන්තිය යටතේ විමර්ශනයක් ආරම්භ කිරීමට ඇමරිකාව පියවර ගත්තේය. එය වෙළඳ හා ආර්ථික ගැටලු දේශපාලනීකරණය කිරීමක් බවත් ඒකපාර්ශ්විකත්වයට සහ ආරක්ෂණවාදයට නිදසුනක් බවත් Huang Ling මහත්මිය පැවසුවාය. ඇමරිකාව විසින් පසුව ගනු ලබන ක්‍රියාමාර්ග චීනය සමීපව නිරීක්ෂණය කිරීම සහ පුළුල් ලෙස තක්සේරු කිරීම දිගටම කරගෙන යන බවත්, අවශ්‍ය සියලු පියවර ගැනීමේ අයිතිය තමන් සතු බවත් ඇය පැවසුවාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *