චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ Gyirong කෝරළයේ සිදු වූ නායයෑමේ ව්‍යසනයෙන් පසුව, චීන හදිසි කළමනාකරණ අමාත්‍යාංශය වහාම ආපදා සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා Xizang ස්වායත්තයට ගලවා ගැනීමේ කණ්ඩායම් පිටත්කර තිබේ. අද(27) පෙරවරුවේ 8:00 පමණ වන විට, 141 දෙනෙකුගෙන් යුත් පළමු ගලවා ගැනීමේ කණ්ඩායම Gyirong කෝරළයට පැමිණියහ. එමෙන්ම, ගලවා ගැනීමේ හෙලිකොප්ටර් යානා ද ආපදා ප්‍රදේශයට ළඟා විය.
ව්‍යසනයෙන් පසුව, බහුවිධ ගලවා ගැනීමේ කණ්ඩායම් Xizang ස්වායත්තයට ආධාර සැපයීම අඛණ්ඩව සිදු කළේය. සංඛ්‍යාලේඛනවලට අනුව, අද(27) පෙරවරුවේ 8:00 පමණ වන විට, ගම්වැසියන් දෙදෙනෙකු සාර්ථකව බේරාගෙන ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම පුද්ගලයින් 558 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇත. අතුරුදහන් වූවන් අතර 260 දෙනෙකු විදේශීය ජාතිකයන් වේ.
