ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි

ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ(27) පස්වරු 6.43ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කළේය.

පෙරහර නැරඹීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ද එක්විය.

පෙරහර, දළදා වීදියෙන් ආරම්භ වී කිලෝමීටර් 2යි මීටර් 150ක දුරක් ගමන් කර, නැවත ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදිණ.

අවසන් රන්දෝලි පෙරහැරේ සදාතුක දළදා කරඬුව වැඩමවීමේ භාග්‍යය කදිරපුර වාසනා හස්තියාට හිමිවිය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *