හසී­නාගේ මාධ්‍ය හමු­වට එක්වූ ක්‍රිකට් නායක ශකීබ්ට යළි රට වෙනු­වෙන් ක්‍රීඩා කළ නොහැකි බව එරට ක්‍රීඩා ඇමති කියයි

හසී­නාගේ මාධ්‍ය හමු­වට එක්වූ ක්‍රිකට් නායක ශකීබ්ට යළි රට වෙනු­වෙන් ක්‍රීඩා කළ නොහැකි බව එරට ක්‍රීඩා ඇමති කියයි

බංග්ලා­දේ­ශයේ ශිෂ්‍ය විරෝ­ධ­තාව මර්ද­නය කිරි­මේදී සිදුවූ ඝාතන සම්බ­න්ධව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සහ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට ද මිනී­මැ­රුම් චෝදනා එල්ල වී ඇති බවත්, ඔහුට නැවත කිසි­දි­නෙක ජාතික ක්‍රිකට් කණ්ඩා­යම නියෝ­ජ­නය කිරී­මට අව­ස්ථාව නොදෙන බවත් බංග්ලා­දේ­ශයේ ක්‍රීඩා හා යෞවන කට­යුතු ඇමැති අමි­නුල් හක් ප්‍රකාශ කර ඇත.

පසු­ගි­යදා ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර පැවති හිටපු අග­මැ­ති­නිය ශෙයික් හසී­නාගේ මාධ්‍ය හමු­වට ශකීබ් අල් හසන් ද වීඩියෝ තාක්ෂ­ණය ඔස්සේ සහ­භාගි වී ඇති අතර, ඊට පැය කිහි­ප­ය­කට පසු මගුරා නග­රයේ පිහිටි ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන්ගේ නිව­සට පෙට්‍රල් බෝම්බ ප්‍රහා­ර­යක් ද එල්ල වී තිබේ.

බංග්ලා­දේ­ශයේ ක්‍රීඩා ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත්තේ හසී­නාගේ රජය යටතේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස කට­යුතු කළ ශකීබ් අල් හසන් සම්බ­න්ධව රජය මීට පෙර තර­මක් නම්‍ය­ශීලී ආකා­ර­යෙන් කට­යුතු කළද, ඔහු මරණ දඬු­ව­මට ලක්වී සිටින අග­මැ­ති­නිය සමඟ මාධ්‍ය හමු­වට සහ­භා­ගි­වීම හේතු­වෙන් නැවත කිසි­දි­නෙක ජාතික ක්‍රිකට් කණ්ඩා­යම නියෝ­ජ­නය කිරී­මට ඉඩ නොදෙන බවය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *