ඉන්දියාව Arunachal Pradeshහි ස්ථාන 27ක් සඳහා නිකුත් කර ඇති ඊනියා “සම්මත නාමකරණය” නීතිවිරෝධී හා වලංගු නොවන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. චීනයට අයත් දකුණු ටිබෙට් ප්‍රදේශය ඉන්දියාව විසින් Arunachal Pradesh යන නමින් හඳුන්වන ලදී. ඉකුත් 7වැනි දා ඉන්දියාව එම ප්‍රදේශයේ ස්ථාන 27ක් සඳහා නීතිවිරෝධී නාමකරණයක් නිකුත් කර තිබේ. සිතියමෙහි අදාළ ස්ථාන එලෙස නිල වශයෙන් නම් කිරීම මගින් මහජනයාට Arunachal Pradesh පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දිය හැකි බව ඉන්දියාවේ අදහසයි.
මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(10) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියාසිටියේ ඉන්දියාව නීතිවිරෝධි ලෙස ස්ථාපිත කළ ඊනියා Arunachal Pradesh චීනය කිසිසේත් පිළිනොගන්නා බවත්, එම ප්‍රදේශයේ නම් කළ එම ස්ථාන 27 නීතිවිරෝධි හා වලංගු නොවන බවත් ය. ඉන්දියාව කුමන පියවර ගත්ත ද දකුණු ටිබෙට් ප්‍රදේශය චීනයට අයත් යන සත්‍යය කිසිදා වෙනස් නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
