නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය ඊයේ(28) හටගෙන ඇති අතර, එහි බලපෑමෙන් නිවාස, සාප්පු සංකීර්ණ සහ තවත් ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුව තිබේ.
භූකම්පනයෙන් පසු ගොඩනැගිලිවල සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීමේ සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.
මේ වනවිට පුද්ගලයින් 10කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවත්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.
මෙම භූකම්පනය ජපානයේ තෙවැනි විශාලතම දූපත වන ක්යුෂූ දූපත ආශ්‍රිතව හටගෙන තිබිණ.
