වසර 75කට පසු ප්‍රංශයේ විශා­ල­තම ළැව්ගින්න පැති­රෙයි

වසර 75කට පසු ප්‍රංශයේ විශා­ල­තම ළැව්ගින්න පැති­රෙයි

නිරි­ත­දිග ප්‍රංශයේ බෝඩෝක්ස් නග­රය ආස­න්න­ය­ටම පැමිණ ඇති ලැව්ගින්න පාල­නය කිරී­මට ගිනි ­නි­වන හමු­දාව දැඩි උත්සා­හක නිර­තව සිටින බව වාර්තා වේ. බෝඩෝක්ස් ඇතුළු නිරි­ත­දිග ප්‍රංශයේ පළාත් රැසක මේ වන විට හෙක්ට­යාර 42,000ක් විනාශ වී ඇති අතර, නිවාස 240ක් පමණ සම්පූ­ර්ණ­යෙන්ම ගිනි­බත් වී ඇතැයි වාර්තා වේ.ළැව්ගි­න්නට හසුවූ මෝටර් රථ සහ සෙසු වාහන මුළු­ම­නින්ම විනාශ වී ඇතැයි ද වාර්තා වේ.

ළැව්ගින්න පාල­නය කිරීම සඳහා ගිනි නිවන භට­යන් දෙද­හ­ස­කට අධික සංඛ්‍යා­වක් කැඳවා ඇති අතර, යුරෝ­පීය රට­වල් රැස­කින් ද සහාය ලැබී තිබේ. ප්‍රංශය මෙවැනි විශාල ළැව්ගි­න්න­කට මුහුණපා ඇත්තේ වසර 75කට පසුව බව කලා­පයේ ගිනි­ නි­වන හමු­දාව ප්‍රකාශ කර ඇති අතර, දෙවැනි ලෝක මහා යුද්ධ­යෙන් පසු මුහුණ දුන් දරු­ණු­තම ළැව්ගින්න මෙය බව ප්‍රංශ ජනා­ධි­පති එමැ­නු­වෙල් මැක්‍රොන් සඳ­හන් කර තිබේ.

ළැව්ගිනි තත්ත්වය ප්‍රංශ­යට මෙන්ම ස්පාඤ්ඤ­යට ද දැඩි බල­පෑම් එල්ල කර ඇති බවත්, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර ආස­න්න­යට පැමිණ ඇති ළැව්ගිනි පාල­නය කිරී­මට එරට රජය දැඩි උත්සා­හ­යක නිර­තව සිටින බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. අවම වශ­යෙන් ලබන සිකු­රාදා වන­තුරු වර්ෂාව පිළි­බඳ අනා­වැකි පළ නොවීම නිසා මේ සති­යේදී දෙරටේ උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 39 දක්වා ඉහළ යනු ඇතැයි ද පුරෝ­ක­ථ­නය කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *