චීන සමාගම්වලට එරෙහි ඇමරිකාවේ මර්දනයට චීනයේ දැඩි විරෝධය

චීන සමාගම්වලට එරෙහි ඇමරිකාවේ මර්දනයට චීනයේ දැඩි විරෝධය

චීන සමාගම්වලට එරෙහිව ක්‍රියාත්මක ඇමරිකාවේ මර්දන පියවරට චීනය දැඩි විරෝධය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.

විදේශයන්හි නිෂ්පාදනය කරන උසස් රොබෝවරුන් සඳහා ආනයන සීමා පැනවීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කර ඇත.

ඇමරිකාව ඊනියා ජාතික ආරක්ෂාවේ නාමයෙන් චීන සමාගම් මර්දනය කිරීම කෙරෙහි චීනය සැම විටම දැඩි ලෙස විරුද්ධ වන බව ඇය පෙන්වා දුන්නාය. ‍එම ආරක්ෂණවාදී ක්‍රියාව ඇමරිකාවේ තරගකාරිත්වය වැඩි දියුණු නොකරන අතර, එය ඇමරිකානු සමාගම් සහ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට හානි කිරීමක් පමණක් වන බව ඇය කියා සිටියාය.

චීන සමාගම්වල නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා චීනය අවශ්‍ය පියවර ගනු ඇතැයි Mao Ning මහත්මිය අවධාරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *