මැදපෙරදිග කලාපයේ වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කර ප්‍රචණ්ඩකාරී ක්‍රියා නතර කරන්නැයි චීනය ඉල්ලා සිටී. මැදපෙරදිග කලාපය හා පලස්තීන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ(28) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කාර්තුමය විවෘත විවාදයේදී එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත මණ්ඩලයේ වැඩ බලන තානාපති Sun Lei මහතා මේ බව ප්‍රකාශ කළේය.
සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කර ප්‍රචණ්ඩකාරී ක්‍රියා නතර කිරීම වඩාත්ම තීරණාත්මක වැදගත් කාර්යයකි. මැදපෙරදිග කලාපය බලවත් රටවල ගැටුම් ඇති කිරීමේ වේදිකාවක් හෝ භූ දේශපාලනයේ ගොදුරක් බවට පත් නොවිය යුතු බවද හෙතෙම පැවසීය.
පලස්තීන ප්‍රශ්නය මැදපෙරදිග ගැටලුවේ කේන්ද්‍රීය කරුණකි. පලස්තීන ප්‍රශ්නයට පරිපූර්ණ, සාධාරණ මෙන්ම දිගුකාලීන විසඳුමක් ලබා දීමෙන් පමණක් අදාළ ප්‍රදේශයේ නොනවතින ගැටුම් සමනය කර සාමය ස්ථාපිත කළ හැකි බවද හෙතෙම අවධාරණය කළේය.
තවද , “ද්වි රාජ්‍ය විසඳුම”ජගත් ප්‍රජාව ස්ථීර ලෙස අනුගමනය කළ යුතු ය. පලස්තීන භූමිය හා ජනගහන ව්‍යුහය වෙනස් කිරීම සඳහා ගන්නා සියලු උත්සාහයන් “ද්වි රාජ්‍ය විසඳුම”ට දැඩි ලෙස හානි කරනු ඇත. එයට දැඩි ලෙස විරෝධය පළ කළ යුතු බවද Sun Lei මහතා එහිදී සඳහන් කළේය.
එමෙන්ම මෑතකදී, මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ ගැටුම්කාරී තත්ත්වය යළි උත්සන්න වී ඇත. එබැවින් කඩිනමින් සිදු කළ යුතු වන්නේ සාකච්ඡා හරහා මතභේදයන් විසඳා අවබෝධතා ගිවිසුමේ එකඟතාව ක්‍රියාත්මක කිරීමට එක්වීම බවද චීන ස්ථාවර නියෝජිත මණ්ඩලයේ වැඩ බලන තානාපතිවරයා පවසා ඇත.
