“ෂී ජින්පිං –  චීන පාලනතන්ත්‍රය”ග්‍රන්ථයේ 5වන වෙළුම ශ්‍රී ලංකාවට

“ෂී ජින්පිං –  චීන පාලනතන්ත්‍රය”ග්‍රන්ථයේ 5වන වෙළුම ශ්‍රී ලංකාවට

“ෂී ජින්පිං – චීන පාලනතන්ත්‍රය”ග්‍රන්ථයේ 5වනවෙළුම එළි දැක්වීමේ උත්සවය කොළඹ දී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව සහ චීනය, නවීකරණ ක්‍රියාමාර්ගයේ අත්වැල් බැදගෙන ගමන් කිරීම වෙනුවෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීම එම උත්සවයේ තේමාවයි. ශ්‍රී ලංකා කථානායකවරයා, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සංස්කෘතික හා සදාචාරාත්මක ප්‍රවර්ධනය මෙහෙයවීම පිළිබඳ ප්‍රධානියා,  ශ්‍රී ලංකා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ඊට එක්වූහ.
නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ චින්තනයේ නවතම න්‍යායාත්මක සහ ප්‍රායෝගික ජයග්‍රහණ පුළුල්ව, ක්‍රමවත් ව ඉදිරිපත් කිරීමට මෙම ග්‍රන්ථය ඉවහල් වන බව එම උත්සවයේ දී රැස්ව සිටි පිරිස සඳහන් කළහ.
චීනය නවීකරණය කරා ගිය ගමනේ න්‍යාය සහ භාවිතය මෙම කෘතියෙහි මැනවින් ඉදිරිපත් කර ඇත. හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සම්බන්ධයෙන් චීනයේ දැක්ම සහ යෝජනා ද ගැඹුරින් මෙහි විග්‍රහ කර ඇති බව මීට එක්වූවෝ පැවසූහ.
චීනයේ ආණ්ඩුකරණය, සංවර්ධනය, ප්‍රතිසංස්කරණ, නවෝත්පාදන සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ දැක්ම මෙම ග්‍රන්ථය මගින් සැපයීම විශේෂත්වයකි. පොදු අනාගතයක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ සංකල්පය තුළින්, ලෝකය සමග සංවර්ධන අවස්ථා හුවමාරු කර ගනිමින් ගෝලීය සමෘද්ධියට දායකවීමට චීනය දැඩිව උත්සාහ කර ඇත.
“එක් තීරයක්, එක් මාවතක්” ‍යන මුලපිරුම උසස් ගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනයේ නව අදියරකට පිවිසීමේදී, ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් මෙන්ම පොදු ජයග්‍රහණ සහිතව චීනය සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එහිදී අවධාරණය කළේය.

CGTN Sinhala – Beijing

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *