විවිධ රටවල පක්ෂ නායකයන් හා නියෝජිතයින්ගෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට සුබ පැතුම්

විවිධ රටවල පක්ෂ නායකයන් හා නියෝජිතයින්ගෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට සුබ පැතුම්

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සරය වෙනුවෙන් විවිධ රටවල දේශපාලන පක්ෂ නායකයන් හා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සුබ පැතුම් පිරිනැමීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රතිචාරය 

මෑතකදී විවිධ රටවල දේශපාලන පක්ෂ නායකයන් හා විවිධ ක්ෂේත්‍ර නියෝජිතයින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පිරිනමා ඇත. මේ සම්බන්ධයෙන් ඊයේ(1) පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ පිළිබඳව අදහස් පළ කළේය. 

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමෙන් පසු මේ දක්වා සෑම විටම ජනතාව කේන්ද්‍ර කරගනිමින් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ආර්ථික හා සමාජීය සංවර්ධනයේ දී ජනතාවට මඟ පෙන්වා විශිෂ්ට ජයග්‍රහණ අත්කර ලෝක සාමය හා සංවර්ධනයට ද වැදගත් දායකත්වයක් ලබා දී ඇත. මේ පිළිබඳව සුබ පැතුම් එක් කළ එම නායකයන් හා පුද්ගලයන් ඉහළින් අගය කළහ. චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ සමාජවාදී චීනය, ලෝක සාමය ගොඩනඟන්නෙකු, ගෝලීය සංවර්ධනයට දායක වන්නෙකු සහ ජාත්‍යන්තර පටපාටියේ ආරක්ෂකයෙකු ලෙස ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමට ලක්ව ඇතැයි සාක්ෂි මගින් පිළිබිඹු වූ බවද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අවධාරණය කළේය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *