වසර 12ක් පාකි­ස්තා­නයේ සිර­ගත කර සිටි ප්‍රංස ජාතික කාන්තා­වක් සහ දරු­වන් පොලී­සි­යෙන් මුදා ගනී

වසර 12ක් පාකි­ස්තා­නයේ සිර­ගත කර සිටි ප්‍රංස ජාතික කාන්තා­වක් සහ දරු­වන් පොලී­සි­යෙන් මුදා ගනී

ප්‍රංශ ජාතික කාන්තා­වක් සහ දරු­වන් පස්දෙ­නකු ඇගේ පාකි­ස්තාන ජාතික සැමියා විසින් වසර 12ක කාල­සී­මා­වක් පුරා ප්‍රාණ ඇප­ක­රු­වන් ලෙස රඳවා තබා ගැනීමේ පුව­තක් පාකි­ස්තා­න­යෙන් වාර්තා වේ. සිල්වි යැස්මිනා ලෙස හඳු­නා­ගෙන ඇති 54 හැවි­රිදි එම කාන්තාව සහ දරු­වන් පාකි­ස්තා­නයේ කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ බාරා නග­රයේ පිහිටි නිවෙ­සක මෙලෙස රඳවා තබා­ගෙන ඇති අතර, පසුව ඇගේ පුත්‍ර­යකු නිවෙ­සින් පැන­ගොස් පොලී­සි­යට කළ පැමි­ණි­ල්ල­කට අනුව ඔවුන් මුදා­ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

පැමි­ණි­ල්ලට අනුව ක්‍රියා­ත්මක වූ පොලී­සිය විශේෂ මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කර­මින් එම නිවෙසේ අබ­ලන් වූ කාම­ර­යක් තුළ සිර­කර සිටි පිරිස මුදා­ගෙන ඇති අතර, සිදු­වී­මට සම්බන්ධ පාකි­ස්තාන ජාතික සැමියා පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. කාන්තාව සහ දරු­වන්ට වධ හිංසා සිදු කළ බවට පෙන්නුම් කරන තුවාල තිබූ බව පොලී­සිය ප්‍රකාශ කර ඇති අතර, ඔවුන් පේෂා­වර් නුවර පිහිටි ආර­ක්ෂිත මධ්‍ය­ස්ථා­න­යක් වෙත යොමු කර ඇතැයි වාර්තා වේ. මේ වන විට පොලී­සියේ මැදි­හ­ත්වී­මෙන් ඔවුන්ට අවශ්‍ය ආධාර සහ ආර­ක්ෂාව සපයා ඇති බවත්, ඔවුන් මේ වන විට නැවත ප්‍රංසය වෙත පිටත් කිරීම සඳහා අවශ්‍ය කට­යුතු සූදා­නම් කර­මින් සිටින බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *