ගිවි­සුම කඩ කළොත් ලෝක සිති­ය­මෙන් ඉරා­නය ඉවත් වෙයි

ගිවි­සුම කඩ කළොත් ලෝක සිති­ය­මෙන් ඉරා­නය ඉවත් වෙයි

– ට්‍රම්ප්ගෙන් යළි අන­තුරු ඇඟ­වී­මක්

අව­බෝ­ධතා ගිවි­සුම උල්ලං­ඝ­නය කර­මින් ඉරාන ආර­ක්ෂක හමු­දාව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන වෙළෙඳ නෞකා­ව­ලට පහර දීම හේතු­වෙන් තව­දු­ර­ටත් සාධා­රණ ලෙස කට­යුතු කිරී­මට නොහැකි බව අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඔහු මේ ප්‍රකා­ශය සිදු කර ඇත්තේ හෝමූස් මුහුදු තීරයේ යාත්‍රා කළ වෙළෙඳ නෞකා­ව­ලට ඉරාන ආර­ක්ෂක හමු­දා­වෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහා­ර­යට ප්‍රති­චාර ලෙස අමෙ­රි­කානු හමු­දාව ඉරා­නයේ හමුදා යටි­තල පහ­සු­කම් ඉලක්ක කර­ගැ­නී­මෙන් පසුව බවද වාර්තා වේ. ඉරා­නය කිසි­දි­නෙක පාඩ­මක් ඉගෙන නොගන්නා බවත්, මේ තත්ත්වය මත තව­දු­ර­ටත් හමුදා ක්‍රියා­මාර්ග ගැනී­මට සිදු­වන්නේ නම් ඉරා­නය ලෝක සිති­ය­මෙන් ඉව­ත්වනු ඇති බවත් ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් ඩොනල්ඩ් ට්‍රම්ප් අන­තුරු ඇඟ­වී­මක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ නීති­රීති උල්ලං­ඝ­නය කරන නෞකා­ව­ලට එරෙ­හිව තව­දු­ර­ටත් දැඩි ක්‍රියා­මාර්ග ගන්නා බව ඉරාන ආර­ක්ෂක හමු­දාව නිවේ­ද­නය කර ඇති අතර, අව­බෝ­ධතා ගිවි­සු­මට අනුව හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ගම­නා­ග­ම­නය සහ නාවික කට­යුතු පාල­නය ඉරා­නය සතු බවද එම නිවේ­ද­නයේ සඳ­හන් වේ. නීති­රීති උල්ලං­ඝ­නය කරන නෞකා­ව­ලට පහ­ර­දී­මට එරෙ­හිව අමෙ­රි­කානු හමු­දාව ඉරා­න­යට පහ­ර­දීම සටන් විරා­මය සහ අව­බෝ­ධතා ගිවි­සුම සම්පූ­ර්ණ­යෙන්ම බිඳ­වැ­ටී­මට හේතු­වනු ඇතැයි ද ඉරාන ආර­ක්ෂක හමු­දාව වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *