චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්

චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා බෙලරුසියා ජනාධිපති Aleksandr Lukashenko මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. ඒ අද(29) උදෑසන බෙයිජිං හි පිහිටි Diaoyutai රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේදීය.

එහිදී ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේ, චීනය සහ බෙලරුසියාව එකිනෙකා විශ්වාස කරන සහ සහයෝගය දක්වන සැබෑ මිතුරන් බවයි. දෙරට පොදු සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා මෙන්ම පුළුල් උපායමාර්ගික වශයෙන් ද යහපත් හවුල්කරුවන් වන බව හෙතෙම පැවසීය. චීනය සහ බෙලරුස් උපායමාර්ගික සන්නිවේදනය පවත්වා ගනිමෙන්, ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකින් අඛණ්ඩව සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කළ යුතු බවත්, දෙරටේ ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභ ලබා දිය යුතු බවත් ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. බෙලරුසියාව සිය ජාතික ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමට මෙන්ම, තමන්ගේම ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමේදී චීනය බෙලරුසියාවට සහාය වනු ඇත. බෙලරුස්හි සංවර්ධනයට සහ ඉදිකිරීම් සඳහා සහාය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. බෙලරුස් සමඟ, පොදු මානව ඉරණමක් සහිත ප්‍රජාවක් එක්ව ගොඩනගමින්, ප්‍රධාන ගෝලීය මුලපිරීම් හතර ක්‍රියාත්මක කිරීමට මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශැංහයි සහයෝගීතා සංවිධානය වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ සම්බන්ධීකරණය මෙන්ම සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

චීන ජනාධිපතිවරයා දෙරට අතර සබඳතා පිළිබඳව පළ කළ අදහස්  කෙරෙහි Aleksandr Lukashenko මහතාගේ පූර්ණ එකඟතාව පළ විය. චීනය සමඟ ඇති සබඳතාවලට බෙලරුසියාව විශාල වැදගත්කමක් ලබා දෙන බව හෙතෙම සඳහන් කළේය. චීනය සමඟ උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කරමින්, සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතාවල වැඩි දියුණුවක් ප්‍රවර්ධනය කිරීමට බෙලරුසියාව බලාපොරොත්තු වන බව Lukashenko මහතා පැවසීය. ජාත්‍යන්තර හා කලාපීය කටයුතු සම්බන්ධයෙන් චීනය සමඟ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට මෙන්ම, ලෝක හා කලාපීය සාමය, සංවර්ධනය, ස්ථාවරත්වය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට බෙලරුසියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම එහිදී සඳහන් කළේ ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *