චීනයේ භාණ්ඩ ප්‍රවාහන ඉල්ලුම ස්ථාවර වර්ධනයක

චීනයේ භාණ්ඩ ප්‍රවාහන ඉල්ලුම ස්ථාවර වර්ධනයක

චීනයේ ලොජිස්ටික්ස් කර්මාන්තය හෙවත් ප්‍රවාහන හා භාණ්ඩ සැපයුම් ක්ෂේත්‍රය සහ ගැනුම් සම්මේලනය ඊයේ (28) මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය සඳහා වූ භාණ්ඩ ප්‍රවාහන දත්ත නිකුත් කළේය. චීනයේ භාණ්ඩ ප්‍රවාහන ඉල්ලුම සමස්තයක් ලෙස ස්ථාවර වර්ධනයක් පවත්වා ගෙන යන අතර, ව්‍යුහාත්මක වැඩිදියුණු කිරීම් අඛණ්ඩව සිදුවෙමින් පවතී.

ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ චීනයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ මුළු වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 146.6ක් දක්වා ළඟා වූ අතර එය වාර්ෂිකව 5.2%ක වැඩිවීමකි. ඒ අතරින්,කාර්මික භාණ්ඩ ප්‍රවාහන මුළු වටිනාකම වාර්ෂිකව 5.4%කින් වැඩි විය. නව ගුණාත්මක ඵලදායීතාව සංවර්ධනය කිරීම සමග,ඉහළ මට්ටමේ නිෂ්පාදන අංශයේ භාණ්ඩ ප්‍රවාහන ඉල්ලුම ද වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ චීනයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තය චීන යුවාන් ට්‍රිලියන 5.8ක මුළු ආදායමක් උපයා ඇති අතර එය  ද වාර්ෂිකව 4.2% ක වැඩිවීමක් පෙන්නුම් කර ඇත. එමෙන්ම, ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ චීනයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්ත ආශ්‍රිත සමෘද්ධි දර්ශකයේ සාමාන්‍ය අගය ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලයට වඩා සියයට 0.1කින් ඉහළ ගොස් තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *